සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි ! (Video)
Friday, 01 December 2023 - 5:44 | Views - 708
2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනය කළේ  www.doenets.lk  / www.results.exams.gov.lk  යන වෙබ් අඩවිවලට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

2022 වසරට අදාළව පසුගිය මැයි 29 වනදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් හාරලක්ෂ 72,553 දෙනෙකු පෙනී සිටියා.

ඒ, පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ 94,450 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 78,103 ක් වශයෙන්.

සියලුම විදුහල්පතිවරුන් වෙත සිය පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය අන්තර්ජාලය ඔස්සේ බාගත කළ හැකි අතර, එහි මුද්‍රිත පිටපතක් ලබාගැනීමටද පහසුකම් සළසා තිබෙනවා.

ඒ සඳහා දැනටමත් අදාළ විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

එසේම නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 04 වනදා ආරම්භ වන අතර, 18 වනදා දක්වා අයදුම්පත් යොමුකළ හැකියි.

එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම් 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතිය හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ.

ඔබගේ ප්‍රතිඵල දැන ගැනීමට මෙතනින් පිවිසෙන්න 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top