දැන් රෝග හදා ගන්න ඕනේ නෑ...තරුණ තරුණියන්ට නොමිලේ ලැබෙන්න යන දේ..
Thursday, 30 November 2023 - 11:31 | Views - 1,047
HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ පවසනවා.
ඒ අනුව Condom Vending Machine සවිකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි මෙම Machine සවිකරන බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතිය මීට පෙර එනම් 2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසල සහ මිනිසුන් ගැවසෙන ස්ථානවල ක්‍රියාත්මක කර ඇති අතර ආර්ථික අර්බුද හමුවේ එම ව්‍යාපෘතිය අඩාල වූ බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂකතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඇය පවසන්නේ පසුගිය කාලයේ උපත් පාලන කොපු හිඟයක් තිබුණ ද මේ වන විට උපත් පාලන කොපු ලක්ෂ 20ක් ආනයනය කර ඇති අතර සායනවලට පැමිණෙන පුද්ගලයින්ට ඒවා නොමිලේ ලබාදීම සිදු කරන බවයි.
Share This Article