කොච්චර කිවුවත් එයා හරි ගණන්..
Thursday, 30 November 2023 - 9:54 | Views - 1,940
වෙළෙඳපොළේ රන් මිල යළිත් වරක් ඉහළ යමින් පවතින බව රන් ව්‍යාපාරිකයින් පවසනවා.
අද (30) වනවිට කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හැට අටදාහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම කැරට් 24ක රන් පවුමක මිලද රුපියල් එක්ලක්ෂ අසූ පන්දහස ඉක්මවා ඉහළ ගොස් ඇති බවද සඳහන්.
එසේම, පසුගිය සති කිහිපය පුරාවටම අඛණ්ඩව වෙළෙඳපොළේ රන් මිල ඉහළ ගිය අතර,
මීට පෙර කැරට් 22 රන් පවුමක් රුපියල් එක්ලක්ෂ හැට දාහකට සහ කැරට් 24 රන් පවුමක් රුපියල් එක්ලක්ෂ හැත්තදාහක මුදලකට අලෙවි වුණා.
කෙසේ වෙතත්, පසුගිය කාලසීමාවට සාපේක්ෂව රන් අලෙවියේද අඩුවක් පෙන්නුම් කරන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළා.
Share This Article