වැඩබලන පොලිස්පති වැඩ අරඹයි
Thursday, 30 November 2023 - 9:38 | Views - 305
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) එම ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
ඊයේ (29) ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල ද නිරත වූණා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාව් වඩාත්ම අභියෝගාත්මක පොලිස් පරිපාලන ප්‍රදේශය වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් හෙවත් T. M. W. D. තෙන්නකෝන්, පොලිස් සේවය වෙත එක්වී ඇත්තේ 1998.02.23 වන දිනයි.
ඔහු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබ තිබුණේ 2019.11.20 දිනවන අතර ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2031.03.07 දිනයි.
Share This Article