සියවසේ මාරම මඟුල ගැන දැනගන්න කැමති ද ? (Photos)
Tuesday, 28 November 2023 - 14:27 | Views - 517
මේ කියන්න යන්නේ මාර මගුලක් ගැන කතාවක්.. ඇත්තටම ඒක නම් ගොඩක් දෙනෙක් මාරයි කියන විවාහයක්..

මොකද මේ තමයි සියවසේ ලොකුම විවාහය...

මේ පුවත වාර්තා වෙන්නේ, අමෙරිකාවෙන්... තවමත් 26 හැවිරිදි මැඩලේන් බ්‍රොක්වේ සහ ඇයගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ ජේකොබ් ලග්‍රෝන්ගේ විවාහ උත්සවය තමයි මේ වෙනකොට වාර්තා පොත් අලුත් කරන්න එකතු වෙලා තියෙන්නේ...

මෙම විවාහ උත්සවය සඳහා ශ්‍රී ලංකා රුපියල් කෝටි 1933 කට ආසන්න මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 59 ක් වැය කර තියෙනවා.

දින පහක කාලයක් පුරාවට ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රසිද්ධ ස්ථානවල පවත්වා ඇති මීට ප්‍රසිද්ධ අමෙරිකානු පොප් රොක් සංගීත කණ්ඩායමක් වන මරූන් 5 සංගීත කණ්ඩායම සහභාගී වී ඇති අතර එහිදී යුවළ වෙනුවෙන් පුද්ගලික සංගීත ප්‍රසංගයක්ද ඔවුන් පවත්වා තිබෙනවා.

එසේම සුප්‍රසිද්ධ ප්‍රංශ මාලිගාවක් වන වර්සයිල්ස් මාලිගය විවාහ උත්සවයේ කොටසක් සඳහා වෙන්කර ගැනීමට මැඩලේන් සහ ජේකොබ් කටයුතු කරලා.

ඔවුන් වර්සයිල්ස් මාලිගයේ රැයක් ගත කිරීමට තරම් වාසනාවන්ත වී ඇති අතර, මැඩලේන් සහ ජේකොබ් විවාහ උත්සවයට සහභාගී වූවන් පුද්ගලික ගුවන් යානාවලින් පැරිස් නුවරට ගෙන්වා ගෙන තිබුණු බවද සඳහන් වුණා.

ශ්‍රී ලංකා රුපියල් කෝටි 2815 ක් පමණ වියදම් කරමින් 2018 වසරේ පැවැත්වූ ඊශා අම්බානිගේ විවාහ උත්සවයට තවමත් හිමිව තිබෙන අවධානය අඩු කිරීමට මැඩලේන් සහ ජේකොබ්ගේ විවාහ උත්සවය සමත් වුණා කිව්වොත් හරි...

මෙම විවාහ උත්සවය වීඩියෝ දර්ශන සහ ඡායාරූප මැඩලේන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර මෙම විවාහ උත්සවය පිළිබඳ අදහස් දක්වන සමාජ මාධ්‍ය පරිශීලකයන් අනුමාන කර ඇත්තේ මෙම විවාහ උත්සවයේ වියදම මැඩලේන්ගේ දෙමාපියන් විසින් දරා ඇති බවයි...

එසේම විවාහ උත්සවයක් සඳහා මෙවැනි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන එල්ල කර ඇතත්, ඇයගේ දෙමාපියන් මෝටර් රථ ක්ෂේත්‍රයට සම්බන්ධ අතර ඔවුන් දෙදෙනාම එම ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දරන අය බවටයි වාර්තා වෙන්නේ...









Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top