පාසල් දරුවන් ට සපත්තු වවුචර් පත් ලබා දෙන දිනය මෙන්න
Tuesday, 28 November 2023 - 9:12 | Views - 1,268
සපත්තු වවුචර් පත් ලබා දීම එළඹෙන දෙසැම්බර් 04 වෙනිදා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී.
මෙම වවුචර් පත් ලබා දෙන්නේ දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් දරුවන්ට බවයි ඔහු පැවසුවේ.
දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර් පත් බෙදා හැරීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article