වසර 30කට පසු ලොව විශාලතම අයිස් කුට්ටියට සිදු වූ දේ..
Sunday, 26 November 2023 - 10:31 | Views - 929
විශාලතම අයිස් කුට්ටිය චලනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අයිස් කුට්ටිය ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලේ තිබු අතර දශක ගණනාවකට පසු මෙලෙස චලනය වීම ආරම්භ වී ඇති බවයි සඳහන්.
මෙය බ්‍රිතාන්‍යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා විශාල බවයි සැලකෙන්නේ.
මෙම විශාල අයිස් කුට්ටිය 1986 දී Filchner-Ronne අයිස් තට්ටුවෙන් කැඩී ගොස් ඇන්ටාක්ටික් හි වෙඩෙල් මුහුදු පත්ලේ තැන්පත් වී තිබෙනවා.
දශක තුනකට පමණ පසු අයිස් තට්ටුවේ ස්වභාවික වර්ධන චක්‍රයේ කොටසක් ලෙස මුහුදු පත්ලේ ග්‍රහණය නැතිවන තරමට අයිස් කුට්ටිය දියවී ගොස් ඇති අතර දැන් එය චලනය වීමට පටන් ගෙන ඇති බවයි බ්‍රිතාන්‍යයේ ඇන්ටාක්ටික් හි විද්‍යාඥයන් වන Ella Gilbert සහ Oliver Marsh පෙන්වා දෙන්නේ.
Share This Article