සතොස භාණ්ඩ 400ක මිල අඩු කරයි
Sunday, 26 November 2023 - 9:06 | Views - 707
උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාව්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු කර ඇති බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දීයි.
අමාත්‍යවරයා එහි දි රටේ පවතින සම්බා සහල් හිගයට හේතුව මහාපරිමාණ වී මෝල් හිමියන් විසින් තොග සැගවීම බවටද අනාවරණයක් සිදු කර තිබෙනවා.
Share This Article