ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද..
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
වස්සාන සෘතුවේ අවසන් පොහොය වන ඉල් පුර පසළොස්වක පොහොය බෞද්ධ ඉතිහාසයේ මෙන්ම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පොහොය දිනයක් ලෙසයි සැළකෙන්නේ.
මෛත්‍රී බෝධී සත්ත්වයන් වහන්ස් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, අගසව් සැරියුත් නාහිමියන්ගේ පරිනිර්වාණය යන සිදුවීම් ඉල්පුර පසළොස්වක පොහොය දිනක සිදු ව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.
කඨින විනය කර්මය කළ හැකි අවසන් දිනය ලෙස ද ඉල් පුරා පසළොස්වක පොහොය දිනය වන බැවින් මෙරට බෞද්ධයන් අතර ද මෙම පොහොය ඉතා වැදගත් පොහොයක් ලෙස සැලකේ.
ඉල් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන ඵෙතිහාසික වැව්රුකන්නල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.
උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව අද උදෑසන ආරම්භ වුණා.
උදෑසන 7.30 ට පෝදා ධර්ම දේශනය, පූජ්‍ය හසලක සීලවිමල හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.
“නීතිගරුක බව” තේමා කරගත් විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ පූජ්‍ය එලමලදෙණියේ සාරානන්ද හිමියන්ගේ සහ පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන්ගේ සහභාගීත්වයෙන්.
අනතුරුව පෙරවරු 11 ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.
පස්වරු 3.30 ට “ගිහි ගේ සාර්ථකත්වය” යන්න තේමා කරගනිමින් කාලීන ධර්ම සාකච්ඡාව පූජ්‍ය වරායායේ සමිත හිමියන් සහ ප්‍රවීන දේශක තිස්ස ජනනායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.