වසංගතයක් ? සෞඛ්‍ය අංශවලින් දෙමාපියන්ට දැනුම්දීමක්..
Saturday, 25 November 2023 - 15:31 | Views - 1,318

මේ දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව හා උණ සහිත ශ්වසන රෝගී තත්ත්වය කොවිඩ් 19 හා ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස කිහිපයක සම්මිශ්‍රණයක් විය හැකි බව මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ උතුරු චීනයේ දරුවන් අතර දැනට ශීඝ්‍රයෙන් පැතිර යන නිව්මෝනියා තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ කණ්ඩායම් රැසක් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
උතුරු චීනයේ ප්‍රදේශ කිහිපයක ළමා රෝහල්වලින් හඳුනා නොගත් නිව්මෝනියා රෝගී පොකුරු කිහිපයක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මෙම ශ්වසන රෝගී තත්ත්වය වැඩි වශයෙන් ළමුන් අතර පැතිරයන බවත්, ව්‍යාප්තියේ වේගවත් බව හේතුවෙන් රෝගී තත්ත්වය උත්සන්න වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කොවිඩ් 19 සීමා ඉවත් කිරීමත් , ශීත කාලයේ එළඹීමත් සමඟ මෙම රෝගී තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව සඳහන්.
ශීත සෘතුවේ ආරම්භයත් සමග ව්‍යාප්ත වන මෙවැනි හඳුනා නොගත් වෛරස හේතුවෙන් ඉතිහාසය පුරා වසංගත තත්ත්වයන් නිර්මාණය වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
එම නිසා විශේෂඥ කණ්ඩායම් රැසක් මේ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර චීන සෞඛ්‍ය අංශ මගින් මේ පිළිබඳ සවිස්තරාත්මක දත්ත රැසක් ඉල්ලා ඇති බවද සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මෙම රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනාගැනීම සඳහා තවමත් තොරතුරු පවතින්නේ ඉතා අල්ප මට්ටමක බව බ්‍රිතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය පෝල් හන්ටර් බීබීසී පුවත් සේවයට පවසා තිබුණා.
කෙසේවෙතත් මෙය නව වසංගතයකට හේතු වන නව වෛරසයක් ලෙස තමන් පිළිනොගන්නා බවත්, මෙය නව වසංගතයක් නම් වැඩිහිටියන් අතර මීට වඩා රෝගී තත්ත්වයේ පැතිරීමක් තිබිය යුතු බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.
උතුරු චීනයේ පැතිරයන හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයේ රෝග ලක්ෂණ වන්නේ උණ, ඇඟපත වේදනාව, හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව සහ කට හඬ වෙනස් වීමයි.
රෝගය සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම වෛරස් ව්‍යාප්තිය ඉන්දියාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග මේ වනවිටත් යොදා ඇති බවයි.
මේ අතර මේ දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ශ්වසන රෝගී තත්ත්වය වෛරස කිහිපයක සම්මිශ්‍රණයක් විය හැකි බව මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
උණ සහිත දරුවන් පාසල්, උපකාරක පන්ති සහ පෙර පාසල් යැවීම සීමා කරන්නැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article