28 වනදායින් පසු නැවත වැසි සහිත කාලගුණයේ වැඩි වීමක්..
Saturday, 25 November 2023 - 6:28 | Views - 707
දිවයිනට නැගෙනහිර දෙසින් වූ බෙංගාල බොක්කේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ලබන 28 වනදායින් පසු නැවත වැසි සහිත කාලගුණයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, ජල විදුලි නිෂ්පාදනය මේ වනවිට උපරිම මට්ටමෙන් සිදුකරන බැවින් ඉදිරියේදී විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට හැකියාව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
ඔවුන් කියා සිටියේ විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලේ ජල ධාරිතාවය සියයට 96ක මට්ටමක් පවතින අතර දෛනික විදුලි අවශ්‍යතාවය ගිගා වොට් පැය 1200කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ජලය උපයෝගි කර ගනිමින් බවයි.
Share This Article