උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කෙරෙයි
Friday, 24 November 2023 - 15:04 | Views - 681
අ.පො.ස උසස් පෙළ විභාගයේ 2022(2023) හි නැවත සමීක්ෂණ ප්රතිඵල අද(24) දිනයේ නිකුත් කර ඇති බව ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.නැවත සමීක්ෂණ සඳහා මෙවර අයදුම්පත් 60336ක් ඉදිරිපත්ව තිබෙනවා.එම ප්රතිඵල ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුවේ සඳහන් කරනවා.

Share This Article