විදුලි බිලට - සහනයක් ?
Friday, 24 November 2023 - 14:47 | Views - 848
ජල විදුලි නිෂ්පාදනය මේ වන විට උපරිම මට්ටමෙන් සිදු කරන බැවින් ඉදිරියේ දී විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට හැකියාව පවතින බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
මේ වන විට විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලේ ජල ධාරිතාවය සියයට 96ක මට්ටමක් පවතින අතර ගිගා වොට් පැය 1200කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ජලය උපයෝගි කර ගනිමින්.
මේ අතර, අනුරාධපුර - අංගම ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1,300ක ජල ධාරිතාවක් කලා වැවට මුදා හැරෙනවා.
එමෙන්ම දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
තවද, මහවැලි ගගේ ජලය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක පොල්ගොල්ල ජලාශයේ විශාල ලෙස පොලිතින් සහ ප්ලාස්ටික් එක් රැස්වීමෙන් දැඩි පාරිසරික හානියක් සිදුව තිබෙනවා.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස ජලාශයට ජලය සැපයෙන ගංඟා වලින් පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජලාශයට එකතු වන බවයි.
Share This Article