විදුලි බිලට - සහනයක් ?
Friday, 24 November 2023 - 14:47 | Views - 849
ජල විදුලි නිෂ්පාදනය මේ වන විට උපරිම මට්ටමෙන් සිදු කරන බැවින් ඉදිරියේ දී විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට හැකියාව පවතින බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මේ වන විට විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලේ ජල ධාරිතාවය සියයට 96ක මට්ටමක් පවතින අතර ගිගා වොට් පැය 1200කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ජලය උපයෝගි කර ගනිමින්.

මේ අතර, අනුරාධපුර - අංගම ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1,300ක ජල ධාරිතාවක් කලා වැවට මුදා හැරෙනවා.

එමෙන්ම දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තවද, මහවැලි ගගේ ජලය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක පොල්ගොල්ල ජලාශයේ විශාල ලෙස පොලිතින් සහ ප්ලාස්ටික් එක් රැස්වීමෙන් දැඩි පාරිසරික හානියක් සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස ජලාශයට ජලය සැපයෙන ගංඟා වලින් පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජලාශයට එකතු වන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top