ලෝකයක් බලා සිටි සුබ පණිවුඩය..
Friday, 24 November 2023 - 12:43 | Views - 4,106
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලා සිටි සුබ පණිවියක්...
ඇත්තටම මේ කතාව ඒ කරදරයට මැදිවුණ මිනිස්සුන්ට විතරක් නෙවෙයි සමස්ත ලෝකයටම සුබ පණිවිඩයක්...
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යෝජිත සටන් විරාමය අද ආරම්භ වනවා...
එහි මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි...
ඒ අනුව දෙපාර්ශවය ඇතිකරගෙන ඇති එකඟතාවන්ට අනුව හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකුගෙන් 13 දෙනෙකු අද නිදහස් කිරිමට නියමිතයි...
ඒ සමඟම ඊශ්‍රායලය දින 4ක් ප්‍රහාර නැවැත්වීමටත්, සිරගත කර සිටින පලස්තීනුවන් 150ක් නිදහස් කිරීමටත් නියමිත බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කර තිබෙනවා..
Share This Article