අද ඩොලරයේ වටිනාකම
Friday, 24 November 2023 - 8:10 | Views - 2,245
ශ්රී ලංකා මහ බැංකුව ඊයේ (23) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව පෙරදා දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැණුම් අගය සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 323.51ක් ලෙස වාර්තා වී ඇති අතර පෙර දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 323.47 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වී ඇත්තේ.
එමෙන්ම ඊයේ දින අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 333.70ක් ලෙස දැක්වුණ අතර පෙර දිනයේ එම අගය වාර්තා වූයේ රුපියල් 333.66 ක් ලෙසයි.
Share This Article