චීනයේ යළිත් හඳුනා නොගත් රෝග බියක්..
Thursday, 23 November 2023 - 16:07 | Views - 718
චීනය තුළ හඳුනා නොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරීගොස් ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.
එමෙන් ම උතුරු චීනයේ ළමයින් අතර ද මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත් චීන බලධාරීන් එය වසන් කරමින් සිටින බවත් තායිවාන මාධ්‍යය ද වාර්තා කරනවා.
කෙසේ වෙතත්, මීට පෙර 2019 වසරේදී ලොව පළමු නිල කොවිඩ් රෝගියා වාර්තා වූයේ චීනයේ වූහාන් නගරයෙන්.
Share This Article