'අස්වැසුම’ ගෙවීම අද සිට..
Thursday, 23 November 2023 - 7:47 | Views - 739
'අස්වැසුම’ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළ මුදල්, අද (23) සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව හිමි වෙනවා.
එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් මිලියන 8,571ක මුදලක් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, මෙම වාරික මුදල් ප්‍රතිලාභී පවුල් 1,377,000ක් වෙනුවෙන් ලබා දිමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.
එමෙන්ම ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික මෙම වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කරන බවත්, නව අයදුම්පත් කැඳවීමද දෙසැම්බර් මස ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
Share This Article