අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
Thursday, 23 November 2023 - 7:14 | Views - 1,033
අද (23) දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
තවද, බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි.
මීට අමතරව පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම දෙපාර්තමේන්තුව ඊයේ (22) රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බවයි.
එසේම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම් ද මෙලෙස සිඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article