ලෝක වැසිකිලි දිනය අදයි ! හිනා ගියාට ඇත්ත දැනගන්න..
Sunday, 19 November 2023 - 9:39 | Views - 451
අද දවස මෙන්න මේ දේටත්, විශේෂයි කියලා හිතුවා ද?
අපි හැම කෙනෙක්ම හැමදාම පාවිච්චි කරන දෙයක්නේ වැසිකිලිය කියන්නේ.
ඉතින් ඔයාලා දන්නවා ද වැසිකිලිය වෙනුවෙන් දිනයක් තිබෙන බව.
සිංගප්පූරුවේ දානපතියෙකු වන ජැක් සිම් විසින් 2001 නොවැම්බර් 19 වන දින ලෝක වැසිකිලි සංවිධානය ආරම්භ කරන ලද අතර, පසුව එම දිනය ලෝක වැසිකිලි දිනය ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා.
2013 දී ලෝකයේ සනීපාරක්ෂක අර්බුද අවසන් කිරීමට සාමූහික ක්රියා මාර්ගයක් ඉල්ලා සිටියේ සිංගප්පූරු රජයයි.
එහි ප්රතිඵලයක් ලෙස වැසිකිලි දිනය නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ දිනයක් බවට පත් වුණා.
නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 67 වැනි සැසි වාරයේදී රටවල් 122 ක් විසින් යෝජනාව සම්මත කරනු ලැබූ අතර,
මෙම දිනයේදී ලොව වටා සනීපාරක්ෂක අර්බුදවලට ලක්ව සිටින ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මුල් තැන දී කටයුතු කරනු ලබනවා.
එසේම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවල 6 වන ඉලක්කය වන නිසියාකාර සනීපාරක්ෂක ක්රමවේදයන් ලොව ජීවත් වන සෑම මිනිසකු වෙතම ලබා දීම අරමුණු කරගත් දිනයක් වෙනුවෙන් ද මෙය නම් කර තිබෙනවා.
Share This Article