බොරතෙල් මිලෙහි වෙනසක්..
Sunday, 19 November 2023 - 8:33 | Views - 724
ලෝක වෙළෙඳපොලෙහි බොරතෙල් බැරලයක මිල ඉහළ යෑමක් මේ වනවිට පෙන්නුම් කරනවා.
පසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති අතර, එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 75. 59 ක් ලෙසයි.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සියයට 3.19 කින් ඉහළ ගොස් ඇති අතර, එම බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 80.61 ක් ලෙසයි.
කෙසේ වෙතත්, මීට පෙර මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවුයේ නොවැම්බර් 01 වෙනිදා වන අතර, නැවත එම ඉන්ධන මිල දෙසැම්බර් මස පළමු වැනිදා සිට වැඩි හෝ අඩු වී සංශෝධනය වීමට නියමිත යි.
Share This Article