නිහඬ වීරයින් නිහඬවම සමරන , අද ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ දිනය යි..
Sunday, 19 November 2023 - 8:03 | Views - 478
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ දිනය සෑම වසරකම නොවැම්බර් 19 දිනට යෙදී තිබෙනවා.
එය තම රාජකාරිය ඉටු කරමින් දිවි පිදූ මාධ්‍යවේදීන්ගේ මතකයන් වෙනුවෙන් සමරනු ලබන දිනයක්.
මාධ්‍යවේදීන් මහජනතාවගේ ඇස් කන් ලෙස සේවය කරන බව ඔබ දන්නවා.
ජනතාවට අවශ්‍ය තොරතුරු සැපයීමේ වගකීම ඔවුන් සතු වගකීමක්.
ලොව පුරා මාධ්‍යවේදීන් ජීවිත තර්ජනවලට මුහුණ දෙමින් සත්‍ය තොරතුරු ඔබට හෙළිකරන බව නොරහසක්.
ඇතැමුන් ජනතාව වෙනුවෙන් නොබියව සත්‍ය හෙළි කිරීමටත් දූෂණ වංචා හෙළි කිරීමටත් ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ අතර තවකෙක් යුද්ධයේ ඇති බිහිසුණු බව හෙළිකිරීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූවෝ ය.
සෑම රටකම මාධ්‍යවේදින් දේශපාලන තර්ජනයන්ට මුහුණ දීම මේ වනවිට සාමාන්‍ය වෙලා.
ඉතින් එවන් පසුබිමක ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම සිටින නිහඬ වීරයින් වූ මාධ්‍යවේදීන් තමන් වෙනුවෙන් වෙන් වූ දිනය නිහඬවම සමරන්නේ අද වැනි දිනක යි.
Share This Article