දෙමාපියන්ගේ නිවාඩුව දරුවන්ට අපලයක් වෙයි ද ? සැලකිලිමත් වන්න..
Saturday, 18 November 2023 - 13:43 | Views - 752
සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6ක දැරියක් මියගොස් තිබෙනවා.

ඊයේ (17) මෙම දියණිය බදුරලිය ඉලුක්පොත හෝටලයක විවේකයක් ගත කිරීම සදහා දෙමව්පියන් සමඟ පැමිණ සිටිය දී නාන තටාකයට ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි බදුරලිය පොලිසිය සඳහන් කළේ.

මෙසේ, මියගොස් ඇත්තේ වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර බදුරලිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති.

එසේම, පසු ගිය දිනයකද මෙවැනිම වූ ඛේදවාචකයක් බෙන්තොට ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ බෙන්තොට ප්‍රදේශයේ කුඩා සංචාරක හෝටලයක නාන තටාකයකට වැටීමෙන් වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති සිඟිත්තකු මියයාම හේතුවෙන්.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ අයුබ් අමානුල්ලා නැමති සිඟිත්තෙක් වෙන අතර, කොළඹ තිඹිරිගස්යායේ පදිංචි පවුලක් මෙලෙස බෙන්තොට ප්‍රදේශයේ සංචාරයකට පැමින මෙම හෝටලයේ ලැගුම් ගෙන සිටියදී මෙම සිඟිත්තා සිය මව පියා සහ නොදැනුවත්ව නාන තටාකයට වැටී තිබෙනවා.

සිඟිත්තා කාමරයේ නොසිටි නිසා මවත් පියාත් ඒ ගැන සොයා බලද්දී හෝටල් භූමියේ ඇති නාන තටාකයේ පාවෙමින් තිබූ සිඟිත්තාගේ සිරුර හමුවුයේ ඉන් අනතුරුවයි.

කෙසේ හෝ මෙලෙස දිගින් දිගටම නිවාඩු ගත කිරීම සඳහා දෙමාපියන් සමඟ යන දරුවන් අනතුරට ලක්වීම දක්නට ලැබෙන බැවින්, දෙමාපියන් තම දරුවන් පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි බලධාරීන් වැඩිදුරටත් පවසා සිටින්නේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top