පාසල් දරුවන් ලක්ෂ 8කට නොමිලේ පාවහන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඊයේ (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ඉදිරි වර්ෂවලදී එම ව්‍යාපෘතිය සිදු කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ භාණ්ඩාගාරයේ සහාය ද ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ පාසල් ළමයින්ගේ දිවා ආහාරවේල සඳහා විදේශ ආධාර ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරමින් සිටින බවයි.