කොන්ඩේ හදලා ලස්සනට ඉන්න ගිය එයාව, මාරයා අරන් ගිහින් තියෙන්නේ කවුරුත් හිතපු නැති විදිහට ..
Saturday, 18 November 2023 - 10:41 | Views - 913
විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක් භාවිතා කර කොණ්ඩය සකස් කරමින් සිටියදී මියගිය කාන්තාවගේ මරණයට හේතුව විදුලි සැර වැදීමෙන් සිදු වූවක් බවත්, එය හදිසි අනතුරක් බවත් හෙළිවී ඇතැයි කහතුඩුව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට පදිංචිව සිටි කාංචනා සුභාෂිණී නමැති 30 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාවගේ හදිසි මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා හමුවේ එම රෝහලේ දී පැවැත්විණි.

එම කාන්තාවගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චමාලි අබේසේකර විසින් පවත්වනු ලැබුවාය.

අදාළ කාන්තාවට විදුලි සැර වැදුණු බව කියන කොණ්ඩය සකස් කිරීමට යොදාගත් උපකරණය පොලිසිය විසින් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ බවද සඳහන්.

කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top