ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල , නැවත පරීක්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් ඔස්සේ
Saturday, 18 November 2023 - 8:50 | Views - 1,138
2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, නොවැම්බර් 27 වන දා සිට දෙසැම්බර් 4 වන දා දක්වා ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ සඳහා අභියාචනා ඔන්ලයින් ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව යි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය (16) වැනිදා රාත්‍රියේ නිකුත් කරන ලද අතර එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු ද නිකුත් කෙරුණු අතර, වැඩිම ලකුණු ලබා ගෙන පළමු ස්ථානය දිනාගත් 10 දෙනෙකු ගැන ද වාර්තා වුණා.
Share This Article