ශ්රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය සුළු පහළ වැටීමක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 322.83ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 323.35ක් ලෙස සටහන් වුණා.
මීට අමතරව අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 333.25ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය වාර්තා වූයේ රුපියල් 333.66ක් ලෙසයි.