පළමු පෙම ගැන ගුණ...අවසන් මොහොතේ, කථනයට නැගුවේ මෙහෙමලු...
Friday, 17 November 2023 - 11:32 | Views - 420

කෑගල්ල ප්‍රදේශයේ අවිවාහක පෙම්වතියගේ අවමංගල්‍ය උත්සවයේදී පළමු පෙම්වතා වූ තිදරු පියා ගුණකථනයක් සිදු කර තිබෙනවා.
ඔවුන් පාසල් කාලයේදී මෙම ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කර ඇති අතර පෙම්වතා රජයේ ආයතනයක ලිපිකරුවෙක් ලෙසද පෙම්වතිය ගුරුවරියක් ලෙසද සේවය කර තිබෙනවා.
එහෙත් පෙම්වතා පවසන්නේ පෙම්වතියගේ මවුපියන් ලිපිකරුවෙකුට අකමැති වීම හේතුවෙන් තමාට අවුරුදු 30 දී මෙම ප්‍රේම සම්බන්ධතාවය නැවැත්වීමට සිදු වූ බවයි.
පසුව අදාළ සිදුවීමෙන් ඇති වූ මානසික රෝගී තත්ත්වය හේතුවෙන් මෙම තරුණිය අංගොඩ මානසික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඇගේ මිය යාම සඳහා ප්‍රථම ප්‍රේමය අහිමි වී යාම හේතුවෙන් මොළයේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
පළමු ප්‍රේමය අහිමි වී යාමෙන් පසු මොහු රජයේ ග්‍රාම සේවා රැකියාවක් කරන තරුණියක් හා විවාහ වී ඇති අතර ඔහු මේ වන විට 62 හැවිරිදි වියේ පසු වෙනවා.
එසේම ඔහු වැඩිමහල් දරුවන් තිදෙනෙකුගේ පියෙක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තමාගේ පළමු පෙම්වතියගේ අවමංගල්‍ය උත්සවයේ ගුණකථනයක් කිරීමට අවස්තාව ලැබුණු ඔහු මෙලෙස පවසා තිබෙනවා.
"මිය ගොස් සිටින ඇය මගේ පළමු පෙම්වතියයි. ඇගේ පළමු පෙම්වතා මමයි. හැබැයි අපි දෙදෙනාගේ සම්බන්ධයට ඇගේ මවුපියන් කැමැත්ත දුන්නේ නෑ .."
Share This Article