හදිසියේ යන්නම ගිය දුව බලන්න , අම්මා ඇවිල්ලා.. (Video)
Friday, 17 November 2023 - 8:34 | Views - 1,651
වැල්ලම්පිටිය, වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සහ ජල බේසම් සවි කර ඇති කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් අනතුරට ලක් වී මිය ගිය දැරියගේ මව ඊයේ (17) පස්වරුවේ සෞදි අරාබියේ සිට දිවයිනට පැමිණ තිබෙනවා.
ඇය එරට අවුරුදු 1යි මාස 2ක් පමණ කාලයක් ගෘහ සේවයේ යෙදී සිට ඇති බවයි වාර්තා වන්නේ.
ලංකාවට පැමිණි ඇගේ මව දැක්වූයේ මෙවන් අදහසක්,
“මම රට ගියේ මගේ දරුවෝ තුන් දෙනාගේ අනාගතය හදා ගන්න. ඉන්න ගෙයක් හදා ගන්න. ඊයේ දුවගෙ උපන් දිනේ. මම කතා කරල ඇහුවා, මොනවා ද ඕනෙ කියලා. එයා කිව්වා කේක් ඕන කියල. මම කිව්වා මට තව මාස 8ක් තියෙනවා එන්න. ඒ එනකොට කේක් අරං එන්නම් කියලා. ඒත් මට කේක් අරං එන්න බැරි උණා. ඉස්කෝලෙ බිත්තිය කඩා වැටිලා, අන්තිමේදී මගේ දුව නැති වුණා. දැන් මට ඉන්නෙ මගේ පුතාලා දෙන්න විතරයි. අනේ අපිට ගෙයක් හදා ගන්න උදව් කරන්න..”
Share This Article