කොන්ක්‍රිට් තට්ටුවක් පාසල් සිසුවෙක් බිලිගනියි (update) (Video)
Wednesday, 15 November 2023 - 13:03 | Views - 2,526
up date.. 

වැල්ලම්පිටිය - වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට අදාළව, ප්‍රදේශවාසීන් විසින් එම පාසලේ විදුහල්පතිවරයාට පහර දී තිබෙනවා.


පහර කෑමට ලක් වූ විදුහල්පති මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

---------------------------------------------------------------------------------------------------------

වැල්ලම්පිටිය - වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවියක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කළේ.

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසුන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවද සඳහන්.

කෙසේ වෙතත්, රෝහලට ඇතුලත් කර ඇති සිසුන් හය දෙනාගෙන් , දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ජාතික රෝහල වැඩිදුරටත් සඳහන් කළේ. 

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති හය හැවිරිදි දැරියක් බවයි සඳහන් වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top