up date..
වැල්ලම්පිටිය - වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට අදාළව, ප්‍රදේශවාසීන් විසින් එම පාසලේ විදුහල්පතිවරයාට පහර දී තිබෙනවා.
පහර කෑමට ලක් වූ විදුහල්පති මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
---------------------------------------------------------------------------------------------------------
වැල්ලම්පිටිය - වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවියක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කළේ.
පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසුන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවද සඳහන්.
කෙසේ වෙතත්, රෝහලට ඇතුලත් කර ඇති සිසුන් හය දෙනාගෙන් , දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ජාතික රෝහල වැඩිදුරටත් සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති හය හැවිරිදි දැරියක් බවයි සඳහන් වන්නේ.