දෙසැම්බර් 02 වෙනිදා සිදුවෙන දේ මෙන්න
Wednesday, 15 November 2023 - 9:35 | Views - 922
සේවකයින්ට ලැබිය යුතු රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩව අරගල සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසනවා.
එම සංගමය අද අවධාරණය කළේ රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් දෙසැම්බර් 02 දා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න බවයි.
"ගුරු විදුහල්පති වැටුප් විශමතාවය ගැන වචනයක්වත් නැහැ. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ. ලෑස්තිවෙන්න. අපේ අරගලයට මුහුණ දෙන්න... දෙසැම්බර් 02 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද වෙන දවස. එදාට පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා."
Share This Article