බාලිකා පාසලේ නංගිගේ කරාබු ජෝඩුව සුක්ෂමව ඉස්සූ අක්කලා...
Wednesday, 15 November 2023 - 9:06 | Views - 672
කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ බාලිකා පාසලක 2 වසරේ ඉගෙනුම ලබන සිසුවියකගේ කණෙහි පැළඳ සිටි රත්‍රං කරාබු දෙක එම පාසලේම තවත් සිසුවියන් දෙදෙනෙකු විසින් සොරා ගෙන තිබෙනවා.

කනෙහි තිබු කරාබු නොතිබීම හේතුවෙන් ඇයගේ මව ඒ පිළිබඳ ඇසීමේදී , ඇය පවසා ඇත්තේ සිසුවියක් තම හිසට වැලි දමා දිව ගොස් සැඟවුණු බවත්, ඉන් පසු තවත් සිසුවියන් දෙදෙනෙකු 6 වසරේ යැයි පවසා මුඛ ආවරණ‍යක් පැළඳ හිසේ වැලි පිස දමමින් තම කරාබු දෙක ගලවා ගත් බවත් ය.

ඉන් පසු මේ පිළිබඳව දෙමාව්පියන් විසින් විදුහල්පතිවරිය දැනුවත් කර තිබුණා.

පසු ව, විදුහල්පති විසින් 6 වසරේ ඉගෙනුම ලබන ළමුන්ව හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට යොමු කර ඇති නමුත්, මුඛ ආවරණ පැළඳ සොරකම සිදු කිරීම හේතුවෙන් මෙම දැරියට සැකකාර සිසුවියන් හඳුනා ගැනීමට නොහැකි වී තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකාර සිසුවියන් හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් මෙම දරුවාට අපහාසාත්මක අයුරින් බැන වැදි තිබුණු අතර, ඒ හේතුවෙන් දැඩි කනස්සලට පත් ඇගේ මවුපි‍යන් මේ පිළිබඳව මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණි කර තිබෙනවා.

ඉන් අනතුරුව පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවල දී මෙම සොරකම උසස් පෙළ සිසුවියක් ඉතා සුක්ෂමව සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top