බාලිකා පාසලේ නංගිගේ කරාබු ජෝඩුව සුක්ෂමව ඉස්සූ අක්කලා...
Wednesday, 15 November 2023 - 9:06 | Views - 673

කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ බාලිකා පාසලක 2 වසරේ ඉගෙනුම ලබන සිසුවියකගේ කණෙහි පැළඳ සිටි රත්‍රං කරාබු දෙක එම පාසලේම තවත් සිසුවියන් දෙදෙනෙකු විසින් සොරා ගෙන තිබෙනවා.
කනෙහි තිබු කරාබු නොතිබීම හේතුවෙන් ඇයගේ මව ඒ පිළිබඳ ඇසීමේදී , ඇය පවසා ඇත්තේ සිසුවියක් තම හිසට වැලි දමා දිව ගොස් සැඟවුණු බවත්, ඉන් පසු තවත් සිසුවියන් දෙදෙනෙකු 6 වසරේ යැයි පවසා මුඛ ආවරණයක් පැළඳ හිසේ වැලි පිස දමමින් තම කරාබු දෙක ගලවා ගත් බවත් ය.
ඉන් පසු මේ පිළිබඳව දෙමාව්පියන් විසින් විදුහල්පතිවරිය දැනුවත් කර තිබුණා.
පසු ව, විදුහල්පති විසින් 6 වසරේ ඉගෙනුම ලබන ළමුන්ව හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට යොමු කර ඇති නමුත්, මුඛ ආවරණ පැළඳ සොරකම සිදු කිරීම හේතුවෙන් මෙම දැරියට සැකකාර සිසුවියන් හඳුනා ගැනීමට නොහැකි වී තිබෙනවා.
කෙසේ වෙතත්, සැකකාර සිසුවියන් හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් මෙම දරුවාට අපහාසාත්මක අයුරින් බැන වැදි තිබුණු අතර, ඒ හේතුවෙන් දැඩි කනස්සලට පත් ඇගේ මවුපියන් මේ පිළිබඳව මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණි කර තිබෙනවා.
ඉන් අනතුරුව පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවල දී මෙම සොරකම උසස් පෙළ සිසුවියක් ඉතා සුක්ෂමව සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
Share This Article