ආර්ථික අර්බුදයට ගෝඨා, මහින්ද, බැසිල් වගකිව යුතුයි ! ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්.. (Video)
Tuesday, 14 November 2023 - 16:33 | Views - 592
ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
මිට අමතරව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අයටද මෙම තීන්දුව අදාළ වනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මෙම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග නොකරන බව සඳහන් කල විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන් විසින් පෙත්සම් කරුවන්ට රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ගාස්තු ගෙවිය යුතු බව සඳහන් කර තිබෙනවා.
Share This Article