ඉන්දීය සාගරයේ භූ කම්පනයක්..
Tuesday, 14 November 2023 - 14:23 | Views - 908
ශ්‍රී ලංකාවට කිලෝමීටර 800ක් දුරින් දකුණු ඉන්දීය සාගර කලාපයේ රික්ටර් මාපක අංක 6.1ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළේ අද (14) දහවල් 12.30ට පමණ සිදුවූ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි.
පසුගියදා (12) ත්‍රිකුණාමලය - මොරවැව ප්‍රදේශයෙන් රික්ටර් මාපක අංක 3.4 භූ චලනයක් වාර්තා වුණා.
Share This Article