A / L විභාගයට පෙනී සිටි සිසුන්ට විශේෂ දැනුම් දීමක්..
Tuesday, 14 November 2023 - 13:30 | Views - 953
2023 වර්ෂයේ ජනවාරි මස පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් හට මුල්යාධාරා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් සිදුකරන බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය පවසනවා. අදාළ අරමුදල් හිමි වන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට වන අතර, එමඟින් ඔවුන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ) හැදෑරීමට හැකියාව ලැබෙනු ඇති. එහිදී අදාළ සිසුන් සඳහා රුපියල් 25,000ක උපරිම මුදලකට යටත්ව මෙම මුල්යාධාරා ලබා දීමට නියමිතයි.මේ සඳහා අදාළ අයදුම්පත හා විස්තර www.etfb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියි.
Share This Article