ඔබත් නිදි වර්ජිතව සිටිනවාද ? එහෙනම් මෙන්න අමුතුම හෙළිදරව්වක්...
Tuesday, 14 November 2023 - 12:04 | Views - 781
සමාජ මාධ්‍ය ජාලා වෙනුවෙන් අද හැම දෙනෙක්ම ඇබ්බැහි වෙලා කියන චෝදනාව හැම තැනින්ම නැගෙනවා. මෙය තරුණ කණ්ඩායම්වලට සීමාවෙලා නැහැ. පවුලක අඹු සැමියන් අතර පවා “ෆේස් බුක්” සමාජජාලා නිසා විවිධ අරගල ඇතිවෙනවා. නමුත් මේ ඇබ්බැහි වීමේ ලක්ෂණ ගැන ඔබ දන්නවාද? නෝර්වේ හි බර්ජින් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද අධ්‍යනයකට අනුව සමාජමාධ්‍ය ජාලා වෙනුවෙන් ඇබ්බැහි පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ කීපයක් සඳහන් කරනවා.

Cecilie Schou Andreassen ප්‍රධානත්වයෙන් සිදුකරන ලද මෙම අධ්‍යනය සඳහා කාන්තාවන් 227 දෙනෙක් සහ පිරිමින් 196 දෙනෙක් සම්බන්ධ කර ගෙන තිබෙනවා.

ෆේස් බුක් වෙනුවෙන් ගත කරන කාලය,

දවසේ වැඩ කටයුතු තිබියදී ඒවා අතපසු කරමින් අසීමිත කාලයක් ෆේස් බුක් සමග ගතකිරීම සමහර පුද්ගලයන් ආහාර ගන්නා විට, නිදා ගන්නා විට, විතරක් නොවේ වැසිකිළියේදී පවා මේ ගනුදෙනුව නවත්වන්නේ නැහැ. දවසේ වැඩි වේලාවක් “ෆේස්බුක්” ස්ක්‍රෝල් කරනවා නම් එය ඇබ්බැහියේ ලක්ෂණයක්.

කමෙන්ට් ගැන කනස්සල්ල,

යම් තොරතුරක් “ෆේස් බුක්” වෙත මුදා හරින ලද වේලාවේ පටන් ඒ ගැන කනස්සල්ලෙන් පසුවන අයත් සිටිනවා. තමන්ට ලැබෙන ඉමෝජි ගැනම ලතැවෙනවා. ඒ අතර කමෙන්ට් වලින්ම වාදබේද ගොඩ නගාගන්නවා. තමන්ගේ ස්ටේටස්වලට ලැබෙන ප්‍රතිචාර ගැන පමණට වඩා හිතනවා නම් එතැන ඇත්තේ ඇබ්බැහි වීමක්.

වැඩ කටයුතුවලට බාධාවක් නම්,

ලැබෙන හැම වෙලාවකම “ෆේස් බුක්” යන්න ඔබ හිතනවා. කොටින්ම විනාඩි පහ, දහය වුණත් අපතේ නොහැර ෆේස්බුක් ස්ක්‍රෝල් කරන්න පටන් ගන්නවා. කාන්තාවකට නම් ළිපේ තිබෙන ව්‍යංජනය රොස් වෙන්න පුළුවන්. පිරිමියෙකුට නම් තමන්ගේ හෙට දවස වෙනුවෙන් සැළසුම් කළයුතු වැඩ කටයුතු අතපසු වෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් තමන්ගේ ජීවිතයේ කටයුතු ෆේස්බුක් නිසා අතපසු හෝ බාධාවක් ඇති වෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ ඇබ්බැහි වී තිබෙන බව කිව යුතුයි.

ජංගම දුරකථනය නැති වුණොත්,

හදිසියේ හෝ ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණොත් එහෙම නැත්නම් බැටරි බලය අඩුවුණොත් ඒ වගේ වෙලාවට ලෝකයම නැතිවුණා වගේ හැගීමක් ඇතිවෙනවා නම් එතැන තියෙන්නේ ඇබ්බැහියක්.

නිදි රටාවට බලපානවා,

සමහර විට “ෆේස්බුක් ” සමග ගනුදෙනු කරමින් නිදි වර්ජිතව සිටිනවා නම් සැබැවින්ම ඔබත් නොදැනීම ඊට ඇබ්බැහි වී අවසානයි.

සමාජ සම්බන්ධතාවයන් සෘජු ලෙසින් ගොඩනැගෙන විට,

අප විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ගොඩනගා ගන්නා සමාජ සම්බන්ධතාවන් නිසා ආතතිය, කනස්සල්ල, සාංකාව වැනි සෘණාත්මක සිතුවිලි ගොඩනැගුනත් සෘජු ලෙසින් ගොඩනගා ගන්නා සමාජ සම්බන්ධතාවන් නිසා ඉහත දැක්වූ අන්දමේ මානසික ගැටුම් ඇති නොවන බවත් මේ අධ්‍යයනය ආශ්‍රිත සිදුකරන ලද පසුවදනක සඳහන් වෙනවා.

ටර්ෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොනල්ඩ් ඩබ් පීස් විසින් “LiveScience” වෙත අදහස් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ අපි සෘජු සමාජ සම්බන්ධතාවන් ගොඩනගා ගන්නා විට ඉතා සමීප මානව සම්බන්ධතාවන් ඇතිවනවා.

අදහස් හුවමාරු වීම නිසා එකිනෙකා අතර අවබෝධයක් ගොඩ නැගෙනවා. ජීවිතයේ හුදෙකලා බව මග හැරෙනවා. එහෙම නම් සමාජ මාධ්‍යජාලා සමග ඔබ ඇබ්බැහි වී තිබෙනවාදැයි ස්වයං තක්සේරුවක් ඔබටම ලබාගත හැකියි. එතැනින් නවතින්නත් එපා. සමාජ සම්බන්ධතාවන් ගොඩනගා ගැනීමේදී මුහුණට මුහුණ දී කතා බහ කිරීමෙන් ලැබෙන වාසි අමතක කරන්නත් එපා.

LiveScience ඇසුරෙන්.. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top