ක්‍රිකට් ගැන කම්පාවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරලා..
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා...
1996 මෙරටට ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රාහණය හිමිකර දුන් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදජනක තත්ත්වය පිළිබඳව තමන් ඉතා කම්පාවට පත්වන බවයි ඔහු එම නිවේදනයෙන් සඳහන් කොට සිටින්නේ...
එමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකාවට එම කවුන්සිලය තුළ පැවති සාමාජිකත්වය තහනම් කිරීම මෙරට ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් බලවත් තර්ජනයක් බවද ඔහු සඳහන් කොට සිටියා...
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වන බවත් පසුගිය වසර දෙක හමාරක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේ දී තමන් ලද අත්දැකීම් හා නිරීක්ෂණ ඇසුරෙන් එය විශ්වාස කරන බවද එම නිවේදනය ඇසුරින් ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියා...