මුතු ගැන නොදන්නා ඔයාලට.. අතමිට සරු කරගන්නේ මෙහෙමයි.. (Photos)
Tuesday, 14 November 2023 - 10:43 | Views - 629
මුතු ඇටය ගැන දන්නවා ද ? මේ කියන්න යන්නේ ඇත්තම ඇත්ත මුතු ගැන....

ලොව ප්‍රධාන මුතු වෙළෙඳ පොළ පිහිටා ඇත්තේ, අමෙරිකාවේ යි. මුතු බෙල්ලා විසින් වේදනා විඳිමින් නිර්මාණය කරන මුතු ඇටය, ස්වර්ණාභරණ වෙළෙන්දන්ගේ අත මිට සරු කරන ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක්.

මුහුදු පත්ලේ තැන්පත් කළ මුතුබෙලි බඳුන් සොයා ගනු ලැබීම පහසු වීමට ජලයේ පාවෙන බෝයා ආධාර කර ගනු ලබනවා.

මුතු බෙලි පරවලින් ඉතා පරිස්සමින් ගලවාගත් මුතු බෙල්ලන් දිය මතු පිටට ගෙන බෙලි කටු විවරකොට කුස තුළට වැලි කැට ඇතුළු කරනු ලබනවා. මෙය කරන්නේ ඉතා සියුම් අන්දමින්.

මාස 3 - 5 ක් ගිය පසු ඒවා නැවත දිය මතු පිටට ගෙන ඉතා සියුම් ලෙස විවෘත කොට මුතු ලබා ගැනීම සිදු කරනවා. අනතුරුව නැවත වැලි ඇට සිරුර තුළ තැන්පත් කොට පෙර පරිදි මුහුදු පත්ලේ තැන්පත් කරනවා.

ඉන් පසුව, කරදිය පිරවූ බඳුන්වල බහා අඩි 30-40 පමණ මුහුදු පත්ලට ගොස් ඒවා තැන්පත් කරනවා. මෙසේ නිසි ලෙස මුහුදු පත්ලේ තැන්පත් කළ එම බඳුන් රළ පහරින් එහා මෙහා යාම වැලැක්වීමට ඒවා එකිනෙකට ගැට ගසනු ලබනවා.

මුතු ඇටය සුන්දරය. සුදු පැහැය , කළු පැහැය ,රන්වන් හා රිදී පැහැයෙන් යුත් මුතු දැනට සොයා ගෙන තිබෙනවා. ඒවා ගෝලාකාර ස්වභාවයෙන් හා ඉලිප්සාකාර ස්වභාවයෙන් ද යුතුය. එහෙත් වටිනාකම ඉහළ වන්නේ ගෝලාකාර මුතු ය.

හැම බෙල්ලෙක් තුළම මුතු ඇට නිර්මාණය වන්නේ නැත. මුතු බෙල්ලෙක් අසු වූ විට මුතු ලබාගෙන බෙල්ලා නැවත මුහුදු පත්ලට දමනු ලබන අතර, මුතු රහිත බෙල්ලන්ගේ මස් ආහාරය පිණිස යොදා ගනු ලබනවා. එයින් ද ඔවුන් විශාල ආදායමක් ලබා ගන්නවා.

අපේ ජාතක කතාවල ද මුතු අමුණා කළ පළඳනා පිළිබඳ තොරතුරු තිබෙනවා. මැණික් මෙන් සුලබ නොවූ ප්‍රමාණයෙන් කුඩා වුවද මුතු එහි විරල බව නිසාම අගයද වැඩිව තිබෙනවා.ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් , හඳුන්වන්නේ ද මුතු ඇටය මෙන් ශ්‍රී ලංකාවද සුන්දරත්වයෙන් හා වටිනාකමින් ඉහළ බව හැඟවීමටයි.

වැලි ඇටය මහ මුහුද වාසභූමිය කොට ගත් මුතු බෙල්ලාගේ කුස තුළ, මුතු ඇටය නිර්මාණය වන්නේ, බෙල්ලාට මහත් වේදනා ගෙන දෙමිනි. කිසියම් හේතුවකින් බෙල්ලාගේ කුස තුළට පිවිසුණු වැලි ඇටය , බෙල්ලාගේ මස් අතර කැවෙමින් රිදුම් දෙමින් මහත් වේදනා දනවනු ලබන අතර, එම වේදනාවෙන් මිදීමට බෙල්ලා තම සිරුරේ ඇති කැල්සියම් කාබනේට් මිශ්‍රිත රිදී පැහැති ශ්‍රාවයක් වැලි කැටය වටා ගල්වනු ලබනවා. ඉතා දිගු කලක් තිස්සේ බැඳෙන මෙම ශ්‍රාවය කෙමෙන් ඝන වී බෝලයක හැඩයෙන් නිර්මාණය වෙනවා. අප මුතු ඇටය යනුවෙන් හඳුන්වන්නේ එයයි.


No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top