ජංගම ගිණුම් , වාහන ලියාපදිංචිය... බදු ලිපි ගොනුවක් නැත්නම් මේවා බෑ...
Monday, 13 November 2023 - 15:11 | Views - 1,374
පහතින් දැක්වෙන අවස්ථා හතර සඳහාම ඔබට දැන් බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී ඔබට බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් අවශ්‍යයි.
ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙකදී ද, (ඉල්ලුම්කරු විසින්)ඔබට බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් අවශ්‍යයි.
මෝටර් රථයක් ලියාපදිංචි කරන බලපත්‍රය අලුත් කරන අවස්ථාවකදී ද, ( හිමිකරු විසින් )ඔබට බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් අවශ්‍යයි.
ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටකදී ද, (ගැණුම්කරු විසින්) ඔබට බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් අවශ්‍යයි.
කෙසේ වෙතත්, මීට අදාළ මාර්ගෝපදේශ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article