රැකියාවක් ලැබුණු පසු ගෙවන්න - වාණිජ බැංකු හරහා ශිෂ්‍ය ණය
Monday, 13 November 2023 - 14:55 | Views - 575
ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරනවා. තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ඊට ලබා දෙනවා.
පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරනවා.
රැකියාවක් ලබාගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා දෙනවා.
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති සම්පාදනය කිරීමෙන් පසු ලංකාවේ එම විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා.
නව යුගයට ගැලපෙන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල දියුණු කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.
ඒ වෙනුවෙන් ලබන වසර සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
නව විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා. ඉදිරියේදී පළාත් සභා මගින් ද විශ්වවිද්‍යාල ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කිරීම අපේ අරමුණයි.
පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා.
Share This Article