අයවැය කතාව ඇරඹෙයි... (Live)
Monday, 13 November 2023 - 12:23 | Views - 774

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළා.
*මේ වසරේ අපේ බදු ආදායම රුපියල් බිලියන 3,415යි.
*රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 1.3යි.
* බදු ක්රමයේ වෙනසක් සිදුකළ යුතුයි.
*පඩි වැඩිකිරීම හිතුමතේ කරන්න බැහැ.
*රාජ්‍ය සේවයට පඩි වැඩිකරන්න බදු ආදායම 35% වැය වෙනවා.
*වැටුප් වැඩිකිරීමට නම් රජයේ ආදායම වැඩිකර ගත යුතුයි.
*පීලි පැනපු ආර්ථිකය යළි පීලි මත තැබුවා.
*දුෂ්කර කාලය ගෙවාදැමුවොත් සුන්දර කාලය උදා වෙයි.
*පසුගිය වසරට වඩා අද ආර්ථිකය යහපත්
* නුවරඑලියට නව විශ්ව විද්‍යාලයක්
* රාජ්‍ය සේවකයින්ජිගේ ජිවන වියදම් දීමනාවා 10 000 කින් වැඩිවේ
* විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව 2500කින් වැඩි කරනවා.
* වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට අටක් දක්වා වැඩි කරනවා.
* සියලු රජයේ සේවකයන්ට පෙර පරිදිම ආපදා ණය ලබා දීමට කටයුතු කරනවා.
* සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහනට තුන්ගුණයකින් ප්‍රතිපාදන ඉහළ නංවනවා.
* වැඩිහිටි පුරවැසියන් සඳහා වන රුපියල් 2000 ක මාසික දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරනවා.
* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.
* නාගරික නිවාස හිමිකම් අඩු ආදායම්ලාභීන් සඳහා කුලී පදනමට ලබා දී තිබෙනවා. මේ පවුල්වලින් කුලිය අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරනවා එමෙන්ම මේ නිවාස වල පූර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙනවා.
* 2024 වසරේ දී පවුල් 50000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙනවා. ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබා දෙයි මේ ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් සියයට සියයට හැත්තෑවක් පමණ ඉඩම් සහ නිවාස අයිති කරුවන් බවට පත් වෙනවා.
* වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා මෙහි මූලික පියවර ලෙස බිලියන 4 ක මුදලක් වෙන් කරනවා.
* බිම්සවිය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 600 ක් වෙන් කරනවා.
* ආබාධ හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව රුපියල් පන්දාහේ සිට 7500 දක්වා ඉහළ දමයි
* ආර්ථික අර්බුදය සඳහා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා.
* කඳුකර ප්‍රදේශ වල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන 10 වෙන් කරයි.
* අබලන් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කරයි.
* නව විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර.
* පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර.
* ස්වභාවික විපත් නිසා හානියට පත් පාලම්, මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දෙකක් වෙන් කරයි.
*දේශීය ආයුර්වේද ආයුරුවේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරයි.
* බදුල්ලට හෘද සහ පෙනහලු. පුනර්ජීවන ඒකකයක් ලබා දෙනවා.ඒ සඳහා රුපියල් මිලියන තුන්සියයක් වෙන් කරයි.
* ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරනවා.එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කරනවා පසුව තවත් වෙන් කරනවා.
* ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවනවා.
* ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරයි.
* පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
* වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරනවා රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා ලබා දෙනවා.
* මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන් කරනවා
* මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර ලක්ෂ තුනක් වෙන් කරනවා.
* වී නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2500 ක් වෙන් කරනවා.
සම්පූර්ණ අයවැය කතාව මෙතැනින් කියවන්න
Share This Article