දහම් පාසල් අවසන් විභාගය සඳහා ඉල්ලුම් කිරීම ONLINE හරහා..
Monday, 13 November 2023 - 12:14 | Views - 587
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාග සඳහා විභාග දෙපාර්තමේන්තුව මාර්ගගතව අයැදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව, බෞද්ධ හා කතෝලික දහම් පාසල් සඳහා මෙම මස 20වැනිදා තෙක් එයට මාර්ගගතව අයඳුම් කිරීමේ හැකියාව පවතිනු ඇති.
එමෙන් ම හින්දු හා ඉස්ලාම් දහම් පාසල් සඳහා මෙම මස 17 වැනිදා සිට 27 වැනිදා තෙක් අයැදුම් පත් භාර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, මාර්ගගත අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිශීලක නම සහ මුරපද, ලියාපදිංචි දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර තිබෙන බවද සඳහන්.
Share This Article