2024 අය - වැය අද !
Monday, 13 November 2023 - 7:36 | Views - 344
UPDATE..

2024 වර්ෂය සඳහා ඉදිරිපත් වීමට නියමිත, අයවැය වාර්තාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා. 

කෙසේ වෙතත්, අද 2024 අයවැය කතාවේ සජීව විකාශය දහවල් 12.00 ට හිරු ටීවී ඔස්සේ බලාපොරොත්තු වන්න. 

-----------------------------------------------------------------------------------------------


2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් 78 වන අය - වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද(13) දහවල් 12.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


ඒ අනුව, 2024 වසර සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,860ක් වන අතර, 2023 වසරේ රජයේ විසර්ජන කෙටුම්පත අනුව ඇස්තමේන්තුගත වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,657 ක් ලෙසයි.

පසුගිය වසරට සාපේක්ෂව 2024 වසර සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 203කින් ඉහළ ගොස් තිබෙනවා.

ජනතාවට බලාපොරොත්තු තබාගත හැක්කේ, සාම්ප්‍රදායික අය - වැයකට එහා ගිය නිර්මාණශීලී ප්‍රතිපත්ති මාලාවක් මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළොත් පමණක් බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ බරපතළම අභියෝගාත්මක අය - වැය බවට මෙවර අයවැය පත්වනු ඇති බවයි. 

කෙසේ වෙතත්, අද 2024 අයවැය කතාවේ සජීව විකාශය දහවල් 12.00 ට හිරු ටීවී ඔස්සේ බලාපොරොත්තු වන්න. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top