අයවැයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට වැටුප් වැඩිවන බවට ආරංචියක්..
Sunday, 12 November 2023 - 15:40 | Views - 760
අයවැය යෝජනා හෙට(13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර, එය මෙරට 78 වන අයවැයයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතයි.

එසේම 2 වන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දා දක්වා පැවැත්වෙනු ඇති.

ඒ අනුව, නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති අතර දෙසැම්බර් 13 වන දා ඊට අදාළ ඡන්ද විමසීම පවත්වනු ලබනවා.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට වැටුප් වැඩිවන බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ජනපති වීමෙන් පසුව ඉදිරිපත් කරන තුන්වන අයවැය මෙය වන අතර, ඒ අතුරු අයවැය ද ඇතුළුව බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top