අයවැයෙන් ලක්ෂ 20 ක පමණ පිරිසකට වැටුප් වැඩිවන බවට ආරංචියක්..
Sunday, 12 November 2023 - 15:40 | Views - 761
අයවැය යෝජනා හෙට(13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර, එය මෙරට 78 වන අයවැයයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතයි.
එසේම 2 වන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දා දක්වා පැවැත්වෙනු ඇති.
ඒ අනුව, නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති අතර දෙසැම්බර් 13 වන දා ඊට අදාළ ඡන්ද විමසීම පවත්වනු ලබනවා.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් ලක්ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්ෂ 6 ක් වශයෙන් ලක්ෂ 20 ක පමණ පිරිසකට වැටුප් වැඩිවන බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ජනපති වීමෙන් පසුව ඉදිරිපත් කරන තුන්වන අයවැය මෙය වන අතර, ඒ අතුරු අයවැය ද ඇතුළුව බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article