බිරිඳගේ මුදල් පසුම්බිය හමු වූ අමුතුම තැන
Sunday, 12 November 2023 - 15:04 | Views - 666
දීපාවලී උත්සවයට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනිමට පැමිණි බිරිදගේ මුදල් පසුම්බිය සැමියා සොරා ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව හැටන් සිට බගවන්තලාව දක්වා පෞද්ගලික බස් රථයක ගමන් කර ඇති අතර බස් රථය තුලදි කිසියම් පුද්ගලයෙකු තම මුදල් පසුම්බිය සොරාගෙන ඇති බව ඇය පොලිසියට පවසා තිබෙනවා.
ඒ අනුව, වහාම ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ නිලධාරින් බස් රථයේ සිටි සියළුම මගීන් බස්සවා පරික්ෂා කිරිමේදි කාන්තාවගේ අස්ථානගත වු මුදල් පසුම්බිය එම කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ තිබී සොයා ගැනීමට හැකි වුණා.
අදාළ සිදුවීම පිලිබඳ පොලිස් නිලධාරීන් සැමියාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මත්පැන් බෝතලයක් මිලදී ගැනිමට තමන් සතුව මුදල් නොමැති නිසා මෙලෙස සොරකම් කල බවයි.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා ඇප මත මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.
Share This Article