පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්..
Sunday, 12 November 2023 - 13:33 | Views - 415
නොමඟ යවන සුළු දුරකථන ඇමතුම්වලට හසු නොවන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පොලිසිය පවසන්නේ වෛද්‍යවරුන් බව පවසමින් පුද්ගලයින් වෙත දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ගේ දරුවන් රෝහල් ගතකර ඇති බව සහ වෙනත් හේතු පවසමින් බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙසට ඇමතුම් ලබාදෙන සිදුවීම් පෙළක් මේ වන විට වාර්තාවී ඇති බවයි.
මෙලෙස නාඳුනන දුරකථන ඇමතුම් පැමිණියද , තම මුදල් හෝ දේපළ කිසිදු අවස්ථාවක වෙනත් කෙනෙකුට ලබා නොදෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article