2024 වසර සඳහා අදාළ අයවැය කතාව හෙට
Sunday, 12 November 2023 - 9:50 | Views - 465
ජනතාවට බලාපොරොත්තු තබාගත හැක්කේ, සාම්ප්‍රදායික අයවැයකට එහා ගිය නිර්මාණශීලී ප්‍රතිපත්ති මාලාවක් මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළොත් පමණක් බව ආර්ථික විශේෂඥයින් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ බරපතලම අභියෝගාත්මක අයවැය බවට මෙවර අයවැය පත්වනු ඇති බවයි.
2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය කතාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, 2024 වසර සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,860ක් වන අතර, 2023 වසරේ රජයේ විසර්ජන කෙටුම්පත අනුව ඇස්තමේන්තුගත වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,657 ක් ලෙසයි.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 2024 වසර සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 203කින් ඉහළ ගොස් තිබෙනවා.
Share This Article